News

ඇදිරිනීතිය නිසා බස්නාහිර පළාත තුළ රැදී සිටි පුද්ගලයින් සිය නිවෙස් වෙත පිටත් කර යැවීම ඇරඹෙයි

කොරෝනා රෝග වසංගත තත්ත්වය පාලනය කිරීම සදහා බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක කල ඇදිරිනීතිය හේතුවෙන් තම නිවෙස්වලට යා නොහැකිව බස්නාහිර පළාතේ මිරිහාන පොලිස් වසමේ සහ නුගේගොඩ කොට්ඨාසයේ රැදී සිටින පුද්ගලයින් නැවත සිය ගම් බිම් කරා පිටත් කර යැවීම අද ආරම්භ කෙරුනා .

බස්නාහිර පළාත් ආන්ඩුකාරවර කාර්යාලයේ අධීක්ෂණයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මෙහෙයවීමෙන් නුගේගොඩ පොලිස් කොට්ඨාසය තුල රැදී සිටි ගැබිණි මාතාවන් , දිර්ඝ කාලීන රෝගීන් , කුඩා දරුවන් ඇතුළු 600 කට ආධික පිරිසක් ⁣මූලික වෛද්‍ය පරීක්ෂාවෙන් අනතුරුව ලංගම බස් රථ වලින් පොලිස් ආරක්ෂාව මධ්‍යයේ මිරිහාන පොලිස් වසමේ මිරිහාන පොලිස් ක්‍රීඩාංගණයෙන් 2020.05.05 වන අගහරුවාදා අද දින පෙරවරු 0700 සිට දිස්ත්‍රික්ක 23 ක් වෙත පිටත් කර යැවීම සිදු කෙරිනි.