කොවිඩ් සමයේ රජය බිලියන 213ක මුදල් නෝට්ටු මුද්‍රණය කරලා
කොවිඩ් – 19 වෛරසය මෙරට ව්‍යාප්තවීම ආරම්භ වූ 2020 මාර්තු පළමු සතියේ සිට මේ දක්වා රජය විසින් රුපියල් බිලියන 213 ක මුදල් නෝට්ටු මුද්‍රණය කර ඇති නමුත් එය මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.2% කට වඩා අඩු අගයක් බව මුදල් අමාත්‍යංශය ප්‍රකාශ කරයි.
අමාත්‍යංශ ලේකම් එස්. ආර්. ආටිගල පෙන්වා දෙන ආකාරයට මෙතෙක් පැවැති දරුණුතම ආර්ථික අර්බුදයට රට මුහුණ දී ඇති අවස්ථාවේදී රාජ්‍ය මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා මුදල් මුද්‍රණය කිරීම අවශ්‍ය කරුණක් බවයි.
අධික ලෙස මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අනාගතයේදී ආර්ථිකයට අහිතකර බලපෑම් එල්ලවීමේ යම් අවදානමක් පැවැතියද එය ශ්‍රී ලංකාවට පමණක් නොව එක්සත් ජනපදය ඇතුළු ලොව රටවල් රැසකට මුහුණ දීමට සිදුව ඇති අවදානමක් බවයි.
නයන තරංග ගමගේ
