News

ලන්ඩන් නුවර රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

ශ්‍රී ලාංකික සිසුන් 196දෙනෙකු රැගත් ගුවන් යානයක් අද (06) ලුයම ලන්ඩන් සිට කටුනායක ගුවන්තොටුපොළට පැමිණ තිබේ.

ගුවන් තොටුපළ අප වාර්තාකරු සදහන් කළේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 504 දරණ විශේෂ ගුවන් යානයෙන් අද අළුයම 3.05 ට පමණ මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි.

එලෙස පැමිණි ශ්‍රී ලාංකිකයින් අතර අමෙරිකාවේ සහ කැනඩාවේ සිර වී සිටි ශ්‍රී ලාංකිකයින් ද වේ.

ඔවුන් සියලුම දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.