News

ඩිජිටල් අවකාශයේ – අරුණ වෙසක් කලාපය 2020

අරුණ ඩිජිටල් වෙසක් කලාපය | මැයි 7 දා සිට 14 දා දක්වා පැවැත් වීමට කටයුතු සූදානම් කර ඇත.

අරුණ ඩිජිටල් වෙසක් කලාපයට නිර්මාණ ඉදිරිපත් කර ඔබගේ විශිෂ්ඨ හැකියාව තුලින් දෙරණ පවුලේ සාමාජිකයකු වීමේ අනගි අවස්ථාව උදාකරගන්න.

ඒ ඒ අංශයන්හී තොරා ගන්නා විශිෂ්ඨතම නිර්මාණ ඉදිරිපත් කරන නිර්මාණ කරුවන්ට දෙරණ මාධ්‍ය ජාලය තුළ ඉදිරියේදී ඇතිවන රැකියා අවස්ථා සදහා ප්‍රමුඛතාව හිමිවේ.

ඔබේ නිර්මාණ මැයි 1 දා සිට ‘‘අරුණ ඩිජිටල් වෙසක් 2020‘‘ 0763878291 යන අංකයට WhatsApp කරන්න. නො එසේ නම් අපගේ arunadwesak@gmail.com විද්‍යුත් ලිපිනයට ද නිර්මාණ යොමු කළ හැකිය.

නිර්මාණ අංශයන්

– ඩිජිටල් තොරණ
– ඩිජිටල් පහන් කූඩු
– වෙසක් බැති ගී
– වෙසක් සිතුවිල්ල
– වෙසක් සුබපැතුම්පත්
– වෙසක් ඡායාරූප
– වෙසක් නාට්‍යය
– වෙසක් සැරසිලි

ඩිජිටල් තොරණ…

තෝරාගත් ජාතක කතාවක් හෝ බෞද්ධ කතාවක් අනුසාරයෙන් නිර්මාණය වනවා නම් වඩා සුදුසුය.

ඩිජිටල් පහන්කූඩුව…

තෝරාගත් ජාතක කතාවක් හෝ බෞද්ධ කතාවක් අනුසාරයෙන් නිර්මාණය වනවා නම් වඩා සුදුසුය.

වෙසක් බැති ගී…

කේවලව හෝ පවුලේ සාමාජිකයින් සමග විනාඩි 03ට නොවැඩි ලෙසින් බැතිගීයක් ගයා රූ ගත කර අපට එවිය යුතුය. ජංගම දුරකතනයෙන් වුවද රූ ගත කළ හැක.

වෙසක් සිතුවිල්ල…

ඔබේ වෙසක් සිතුවිල්ල කවි, ගී හෝ පෝස්ට් එකක් ආකාරයෙන් සකස් කර අපවෙත එවිය යුතුය..

වෙසක් සුබ පැතුම් පත්…

ඕනෑම මාධ්‍යකින් අඳින ලද සිතුවමක් ලෙසින් හෝ පෝස්ට් එකක් ආකාරයෙන් සකස් කර අප වෙත එවිය යුතුය.

වෙසක් ඡායාරූපය…

වෙසක් සැමරුම පිළිබඳ තෙවැනි ඇසකින් බලා ඔබ අත ඇති ජංගම දුරකතනයෙන් නිර්මානශීලී ඡායාරූපයක් ලබා ගෙන අප වෙත එවිය යුතුය.

වෙසක් නාට්‍යය…

කේවලව හෝ පවුලේ සාමාජිකයින් සහභාගි කරවාගෙන විනාඩි 5කට නොවැඩිව නිර්මාණය කළ වෙසක් නාට්‍යයක් අප වෙත එවිය යුතුය.

වෙසක් සැරසිලි…

ඔබේ නිවසේ සිදු කරන වෙසක් සැරසිලි විනාඩි 3කට නොවැඩි ලෙසින් රූ ගත කොට එවිය යුතුය.

කොන්දේසි

ඔබ විසින් යොමු කරන සෑම නිර්මානයකම විකාශන හා ප්‍රකාශන අයිතිය ලිබර්ටි පබ්ලිෂ්ර්ස් ආයතන සතුවේ.

ඔබ විසින් ඉදිරිපත් කරන නිර්මාණ බෞද්ධාගමට හෝ වෙනත් කිසිදු ආගමික විශ්වාසයකට අපහස නොවන ආකාරයේ එකක් විය යුතුයි.

අපවිසින් තෝරාගන්නා සුදුසු යැයි හැගෙන නිර්මාණ පමණක් ඉදිරිපත් කරනු ලැබේ.

රෝදුරෙන් වෙලි ඇති ලෝකය
වෙසක් සිරියෙන් එකලු කර
අති උතුම් තෙමගුල
සමරමු බැතින් ගෙදර සිට….

www.aruna.lk