කොළඹට හිර වූ වතුකරයේ 7000ක් ගමේ යවන සූදානමක්
කොළඹ රැඳී සිටින හත් දහසකට ආසන්න වතුකරයේ පිරිසක් යළි සිය ගම් බිම් කරා යැවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ පොලිසිය සූදානම් වෙයි.
වතුකරය නියෝජනය කරන ප්‍රබල දේශපාලනඥයකුගේ ඉල්ලීම මත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. කොවිඩ්-19 වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් මාස දෙකකට ආසන්න කාලයක් ඔවුන් කොළඹ රැඳී සිටිති. නිවාසවල ගෘහ සේවකයන් වැඩ බිම් කම්කරුවන්, ආපනශාලා සේවකයන් මෙලෙස කොළඹ රැඳී සිටින බව වාර්තා වෙයි. මෙම පිරිස වතුකරයට යැවීමට පෙර පී.සී.ආර්. පරීක්ෂණයකට ද යොමු කිරීමට නියමිතව ඇත.
උදයජීව ඒකනායක
