ඩුබායි හි රැදී සිටි ශ්රී ලාංකිකයින් 197ක් දිවයිනට
ශ්රී ලංකාවට පැමිණීමට නොහැකිව ඩුබායි හි රැදී සිටි ශ්රී ලාංකිකයන් 197 දෙනෙකු අද (07) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
ගුවන් තොටුපළ අප වාර්තාකරු පැවසුවේ උදෑසන 6.20 ට ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් එම ශ්රී ලාංකිකයින් පිරිස දිවයිනට පැමිණි බවයි.
ඉන්පසුව මෙම ගුවන් මගීන් පිරිස ශ්රී ලංකා යුධ හමුදාව මගින් නීරෝධායන කටයුතු සදහා රැගෙන ගොස් තිබේ.
