News

සමගි ජන බලවේගයකොවිඩ් පරීක්ෂණ තොරතුරු ඉල්ලයි

කොවිඩ් – 19 වෛරස ආසාදිතයන් හඳුනා ගැනීමට කළ පරීක්ෂණවල තොරතුරු තමන්ටත් ලබාදෙන ලෙස සමගි ජන බලවේගය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහගෙන් ලිපියක් මගින් ඉල්ලීමක් කර තිබේ.

මේ වන විට සිදුකර ඇති පරීක්ෂණ සංඛ්‍යාව, පරීක්ෂණවලින් හඳුනා ගත් ආසාදිතයන් සංඛ්‍යාව, පරීක්ෂණ සිදු කළ ස්ථාන හා දිනයන්, නිරෝධායන කඳවුරුවල සිදුකළ පරීක්ෂණ සංඛ්‍යාව හා හඳුනාගත් රෝගීන් පිළිබඳව තොරතුරුද මෙම ලිපියෙන් ඉල්ලා තිබේ.

ජනාධිපති මන්දිරයේ සිදුකළ පරීක්ෂණ සංඛ්‍යාව, අරලියගහ මන්දිරයේ, වෙනත් ප්‍රභූ ස්ථානවල කළ පරීක්ෂණ සංඛ්‍යාවද සමගි ජන බලවේගය ඉල්ලා තිබේ. තොරතුරු දැනගැනීමේ පනත යටතේ මෙම තොරතුරු ඉල්ලූ බව සමගි ජන බලවේගය පවසයි. පී.සී.ආර්. පරීක්ෂණ කට්ටල ප්‍රමාණ, එම කට්ටල ලැබුණු දින හා බෙදා දුන් ආකාරය, වෛරසයෙන් මියගිය සංඛ්‍යාව ඇතුළු තවත් තොරතුරුද මෙමගින් ඉල්ලා තිබේ.

මෙම තොරතුරු කඩිනමින් ලබාදෙන බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවැසීය.

උදයජීව ඒකනායක