News

අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා මීට සුළු වේලාවකට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර වීම සඳහා අධිකරණ පරිශ්‍රයට පැමිණ තිබුණා.

තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමට සම්බන්ධ නාවික හමුදාවේ හිටපු ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් චන්දන හෙට්ටිආරච්චි නමැත්තාට අධිකරණය මහහැර සිටීමට ආධාර ලබාදුන් බවට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයාට චෝදනා එල්ල වී තිබෙනවා.