News

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව, ඌව, මධ්‍යම, උතුරු මැද, නැගෙනහිර සහ දකුණ යන පළාත් මෙන්ම කළුතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී වෙරළබඩ ප්‍රදේශවල වැසි ඇති විය හැකියි.

ගිඟුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී අකුණු සහ තද සුළං මඟින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට කටයුතු කරන මෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.