ලොව පුරා කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 40 ඉක්මවයි
ලොව පුරා කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 4,014,503ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඇමෙරිකාවෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 1,322,163ක්.
ස්පාඤ්ඤයෙන් ආසාදිතයින් 260,117ක්, ඉතාලියෙන් ආසාදිතයින් 217,185ක්, බ්‍රිතාන්‍යයෙන් ආසාදිතයින් 211,364ක්, රුසියාවෙන් ආසාදිතයින් 187,859ක්, ප්‍රංශයෙන් ආසාදිතයින් 176,079ක්, ජර්මනියෙන් ආසාදිතයින් 170,588ක්, බ්‍රසීලයෙන් ආසාදිතයින් 146,894ක්, තුර්කියෙන් ආසාදිතයින් 135,569ක් සහ ඉරානයෙන් ආසාදිතයින් 104,691ක් ලෙස වාර්තා වේ.
ලොව පුරා කොරෝනා මරණ 276,253ක් වාර්තා වන අතර, ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.
ඇමරෙිකාවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 78,616ක්.
බ්‍රිතාන්‍යයෙන් මරණ 31,241ක්, ඉතාලියෙන් මරණ 30,201ක්, ස්පාඤ්ඤයෙන් මරණ 26,299ක් සහ ප්‍රංශයෙන් මරණ 26,230ක් වාර්තා වේ.
