දිස්ත්‍රික්ක 25න් – දෙකක පොලිස් බල ප්‍රදේශ 9යක ගම්මාන 11කට තහංචි
දිස්ත්‍රික්ක විසිපහෙන් දිස්ත්‍රික්ක දෙකක පොලිස් බල ප්‍රදේශ නවයක ගම්මානවල කුඩා කොටස් එකොළහක් (11) හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වසා දැමුණු ගම්මාන යළි විවෘත කර තිබේ.
කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන හයක ගම්මාන හා කුඩා ප්‍රදේශ අටක්ද (8) ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන තුනක කුඩා ප්‍රදේශ තුනක් (3) මෙසේ වසා දමා ඇත.
කොළඹ දිස්ත්‍රික්කයේ කෙසෙල්වත්ත ප්‍රදේශයේ 66 හා 146 යන වතුද, කුරුඳුවත්ත ප්‍රදේශයේ 60 වත්තද, කොටහේන ප්‍රදේශයේ බණ්ඩාරණායක මාවත, නාරාහේන්පිට දාබරේ මාවත හා ජාතික පොළ ප්‍රදේශය, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ නාගලගම් වීදිය සහ මෝදර ප්‍රදේශයේ මෙත්සඳ සෙවණ නිවාස ප්‍රදේශයට ඇතුළුවීම හා පිට වීම තහනම් කර තිබේ.
ගම්පහ දිස්ත්‍රික්කයේ ජාඇළ සුදුවැල්ල, මිීගහවත්ත ප්‍රදේශයේ උඩුපිල උතුර, සමන්පායවත්ත සහ මහබාගේ ප්‍රදේශයේ වැලිසර නාවික හමුදා කඳවුර ප්‍රදේශයට ඇතුළුවීම පිටවීම තහනම් කර ඇත.
චමින්ද සේනාරත්න
