News

ඇමෙරිකානු ඩොලරය රු. 182 ඉක්මවයි

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල වාර්තා ගත ලෙස පහළම අගය අද (28) වාර්තා කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කළේ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද රුපියල් 182යි ශත 27ක අගයක් වාර්තා කළ බවයි. ඇමෙරිකානු ඩොලරය ගැණුම් මිල රුපියල් 178යි ශත 32ක අගයක් වාර්තා කළ බවද මහ බැංකු වාර්තා සදහන් කළා.