කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ලිහිල් කෙරේ
දිවයිනේ දිස්ත්‍රික්ක 23 ක ඇඳිරි නීතිය අද (11) අලුයම 5 ට ඉවත් කෙරිණ.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන තුරු දිගටම ක්‍රියාත්මක බවයි.
මීට පෙර ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක වූ කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ද ඇඳිරි නීතිය ලිහිල් කිරිමට රජය ඊයේ (10) තීරණය කළේය.
ඒ අනුව කළුතර සහ පුත්තලම ඇතුළු සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අද, සිට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වා පමණි.
ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක වන කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය තිබියදී සාමාන්‍ය ජන ජිවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරිම අද සිට ආරම්භ කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
