කාර්යාල දුම්රිය 10 ක් පෙරවරුවේ කොළඹට
කොළඹ සහ ගම්පහ දිස්ත්රික් හැර සෙසු දිස්ත්රික්වල ඇඳිරි නීතිය ලිහිල් වීමත් සමග පොදු ප්රවාහන සේවාවන් ද අද සිට යලි ආරම්භ විය.
ඒ අනුව ප්රදේශ කිහිපයකින් කොළඹ කොටුව වෙත දුම්රිය 10 ක් අද පෙරවරුවේ ලගා වුණා.
ඛෙලිඅත්ත / නුවර / මහව / හලාවත සහ අවිස්සාවේල්ල සිට මෙම දුම්රිය කොළඹට ලගා වු බව දුම්රිය පාලන මැදිරිය සඳහන් කළා.
පෙරවරුවේ කොළඹට පැමිණි දුම්රිය පස්වරු 3 ත් 4 ත් කාලය තුල නැවත පිටත්ව යාමට නියමිතව ඇත.
