ඌරගස්මන්හන්දිය හිපන්කන්ද ප්රදේශයේදී විදුලි රැහැන් අටවා වන සතුන් දඩයම් කිරීමට ගිය පුද්ගලයෙකු විදුලි සැර වැදී මියගොස් තිබෙනවා.
පොලීසිය පැවසුවේ අද පෙරවරුවේ මෙම සිදුවීම සිදුව ඇති බවයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ වයස අවුරුදු 64ක් වූ හිපන්කන්ද ප්රදේශයේ පදිංචි පුද්ගලයෙක් බවයි පොලීසිය සදහන් කළේ.