රටවල් 17ක ලාංකිකයන් 30000ක් පීඩාවට පත් වෙලා
කොවිඩ් – 19 වෛරසය ව්‍යාප්තවීම හේතුවෙන් රටවල් 17ක සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 30000ක් පමණ පීඩාවට පත්ව ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
එම ශ්‍රමිකයන්ට වියළි ආහාර ලබාදීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය තානාපති කාර්යාලවලට ඇමරිකන් ඩොල්ර් 5000 බැගින් ලබාදී ඇත.
එම මුදල් අවසන් වූ පසු තවත් මුදල් ප්‍රතිපාදන ලබාදෙන බව කාර්යාලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය පවසයි.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විදේශ ශ්‍රමික සුබසාධන අරමුදල මගින් මෙම ප්‍රතිපාදන ලබා දෙයි.
තවද විදේශ රටවල ශ්‍රමිකයන්ගේ සුබ සාධන සංගම්ද මෙම ශ්‍රමිකයන්ට විවිධ සහන ලබා දී ඇති බව ඔහු අවධාරණය කර සිටියි.
මෙම පිරිස මාලදිවයින, කුවේටය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බංග්ලාදේශය ඇතුළු රටවල් 17ක වාසය කරති.
උදයජීව ඒකනායක
