News

කොටස් වෙළෙඳපොළ විවෘත වූ වහාම වැසෙයි

සති 7කට පසුව කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු සඳහා අද (11) දින විවෘත වුවද මිල දර්ශකවල සීඝ්‍ර කඩා වැටීම නිසා සාමාන්‍ය ගනුදෙනු ආරම්භ වහාම ගනුදෙනු අත්හිටුවීමට සිදුවිය.

මෙහිදී S&P SL20 දර්ශකය ඒකක 196.93 කින් පහළ ගිය අතර එය පූර්ව ගනුදෙනු දිනය වූ පසුගිය මාර්තු 20 දිනට සාපේක්ෂව 10.11% ක කඩා වැටීමකි.

මේ අනුව දිනය තුළ S&P SL20 දර්ශකය පෙර දිනයට සාපේක්ෂව 10% ක ප්‍රමාණයක් ඉක්මවා පහළ යාම හේතුවෙන් අද දිනයට ගනුදෙනු තවදුරටත් ක්‍රියාත්මක නොවනු ඇත.