ආණ්ඩුවේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළොත් බස් හිමියන් බංකොළොත්
ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමට රජය කටයුතු කරමින් පවතින නමුත් පෞද්ගලික බස් රථ ධාවනය සම්බන්ධව රජයට නිශ්චිත වැඩපිළිවෙළක් නොමැති බව පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ‘අරුණ‘ කළ විමසීමකදී පැවසීය.
ඒ අනුව පෞද්ගලික බස් රථ ධාවනය සමාන්‍ය පරිදි සිදුනොවනු ඇති බව හෙතෙම සඳහන් කළේය.
විශේෂයෙන්ම බස් රථ සේවකයන්ගේ මෙන්ම ජනතාවගේද ආරක්ෂාව උදෙසා කොවිඩ් – 19 වසංගත තත්ත්වය සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ හිමියන් දැනුවත් කිරීම සඳහා විශේෂ සන්නිවේදන ජාලයක අවශ්‍යතාවක් ඇති බවද හෙතෙම කීය. මේ සම්බන්ධව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සමග කතා කළ බවත් ආසාදිත රෝගීන් සම්බන්ධව විශේෂ තොරතුරු සැපයීමක් කරන්නේ නම් අවදානමට ලක්වන අදාළ ප්‍රදේශවල බස් රථ ධාවනය වඩාත් ආරක්ෂාකාරීව සිදුකළ හැකි බවත් ඔහු මෙහිදී කීය.
එමෙන්ම බස් රථ ගාස්තු සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් නියම කර ඇති ජාතික ප්‍රතිප්තිවලට අනුව පාඩු නොලබා බස් රථයක් ධාවනය කිරීමට නම් අඩුම වශයෙන් ආසන සංඛ්‍යාවෙන් 80% ක සෙනඟක්වත් සිටිය යුතු බව නියම කර තිබියදී රජය, 50% ක් ප්‍රවාහනය කිරීමට නියෝග කිරීම අසාධාරණ බව ඔහු අවධාරණය කරයි.
ශිරන්තනි මානවඩු
