නිරෝධායනය සාර්ථකව නිම කළ 32ක් නිවෙස් වෙත පිටව යයි
වවුනියාව පම්පමඩුව යුධ හමුදා කඳවුරට අයත් නිරෝධායන මධ්‍යස්ථාන තුළින් නිරෝධායනය ලද වවුනියාව හා හොරොව්පොතාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් 32 දෙනෙකු සිය නිරෝධායන කටයුතු අවසන් කොට සිය නිවෙස්වෙතට ගමන් කිරීම අද(12) සිදුකෙරිණ.
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රෝහිත ධර්මසිරි මහතාගේ අධීක්ෂණය යටතේ පැවැත්වු නිරෝධායනය අවසන් කළ පිරිස් වෙත නිරෝධායන සහතික ලබාදීමේ වැඩසටහනකින් අනතුරුව අදාළ කණ්ඩායම නිවෙස් වෙත පිටත්කෙරිණ.
කොරෝනා ආසාදිත බවට ප්‍රතිකාර ලබන නාවික හමුදා නිළධාරීන්ගේ පවුල්වල ඥාතීන් පිරිසක් එලෙස නිරෝධායන කඳවුරු තුළින් නිරෝධායනය අවසන් කොට නිවෙස් වෙත පිටත්ව ගියහ.
වැඩසටහන් අවස්ථාවට වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යුධ හමුදා නිළධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.
මාධව කුලසූරිය
