ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 65 දෙනෙකුට උසස්වීම්
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 65 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස උසස් කර ඇත. එම උසස්වීම් පොලිස් කොමිෂන් සභාවේ නිර්දේශ මත ලබා දී ඇත.
මෙම පිරිසෙන් 48 දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවති නඩුවකදී ඇති වූ එකඟතාවක් මත සහකාර පොලිස් අධිකාරී නිලයට උසස් කර තිබෙන අතර තවත් 17 දෙනෙකු 2014 සහකාර පොලිස් අධිකාරී සම්මුඛ පරීක්ෂණයෙන් ලබා ගත් ලකුණු අනුව පත් කළ බවත් 2018 ජුලි 10 වන දා සිට ක්‍රියාත්මක වන පරිදිය.
මෙම උසස්වීම් ලබා දී ඇත්තේ වසර දෙකක වැඩ බලන කාලයකට යටත්ව බව පොලිස් මූලස්ථානය දැනුම් දෙයි.