News

පාස්කු කොමිසම යළි වැඩ අරඹයි

කොවිඩ් 19 වසංගතය සමග තාවකාලිකව නතර කළ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වැඩකටයුතු යළි ආරම්භ කළ බව එම කොමිසමේ ලේකම් බුවනෙක හේරත් ‘අරුණ’ට පැවැසීය.

ඊයේ (13 වැනිදා) කොමිසමේ වැඩකටයුතු ආරම්භ කරමින් සාක්ෂි විමසීම සිදුකළ අතර එය මාධ්‍යයට විවෘත කර නොතිබිණි. අද (14 වැනිදා) පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම සඳහා බස්නාහිර පළාත් උතුර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු ටී.එම්.ඩබ්ලිව්. තෙන්නකෝන් සහ බස්නාහිර පළාත් දකුණු නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.එන්.එස්. වික්‍රමසිංහ කැඳවා ඇති බව කොමිසමේ ලේකම්වරයා වැඩිදුරටත් පැවැසුවේය.

වරුණි පෙරමුණ