බෙංගාල බොක්කේ පීඩනය අඩු වී සති අන්තයේ වැසි වැඩිවේ
බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින බවත්,එහි බලපෑම මත මේ සති අන්තයේදී මෙරට නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැවසීය. අඩු පීඩන තත්ත්වය බෙංගාල බොක්ක මැද වර්ධනයවී ඉන්දියාව දෙසට ගමන් කරන බවද,මේ නිසා එය මෙරටට බලපාන ආකාරය අවිනිශ්චිත බවද නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා කීවේය. නිරිත දිග මෝසම් තත්ත්වය මේ මාසය අවසානයේ ආරම්භවනු ඇතැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
සාලිය කුමාර ගුණසේකර
