මාතර සිසුවෙකු ඝාතනයට සම්බන්ධ 03වන සැකකරු 03වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට
මාතර-ඇළවේල්ල ප්‍රදේශයේදි පිහියකින් ඇන සිසුවෙකු ඝාතනය කිරීමට අදාළ තුන්වන සැකකරු දෙසැම්බර් 03 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
පසුගිය නොවැම්බර් මස 24 වන දින සිදුවූ ඝාතනයට සම්බන්ධව මාතර කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 17 ක් වු වල්ගම, මාතර ලිපිනයේ පදිංචි සුනුරු විමුක්ති ජයවීර නැමති තරුණයෙකු වන අතර මෙම සැකකරු ඝාතනය සඳහා පැමිණ ඇත්තේ යතුරු පැදියේ බවට පොලීසිය කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.