මාලදිවයිනේ සිරවී සිටි විදේශිකයින් පිරිසක් දිවයිනට
මාලදිවයින තුළ සිරවී සිටි විදේශිකයින් 108 දෙනෙකු ඊයේ(13) ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ.
මාලේ ගුවන් තොටුපළේ සිට ඊයේ දහවල් 1.15 ට කටුනායක ගුවන් තොටුපළ වෙත, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 103 දරන ගුවන් යානයෙන් රැගෙන විත් ඇති අතර එහි සිටි පකිස්ථාන ජාතිකයින් 45 දෙනෙකු සවස 5.00 ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්- 1185 දරන විශේෂ ගුවන් යානයකින් පාකිස්ථානයේ ලාහෝර් ගුවන් තොටුපළ වෙත රැගෙන ගොස් ඇත.
අනෙක් ගුවන් මගින් 63 දෙනා සහ ශ්‍රී ලංකාව තුළ සිරවී සිටි විදේශිකයින් ඇතුළු මගින් 99 දෙනෙකු ශ්‍රීලංකන් ගුවන්සේවයේ යූ.එල්- 503 දරන ගුවන් යානයෙන් එංගලන්තයේ හිතෘ ගුවන් තොටුපළ වෙත රැගෙන ගොස් තිබේ.
