පාසල් සිසුන්ට නොමිලේ මුඛ ආවරණ
පාසල් ආරම්භ කිරීමට පෙර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් වෙනුවෙන් පමණක් අවම වශයෙන් මුඛ ආවරණ ලක්ෂ විසි හතරක්වත් ලබා දිය යුතු යැයි අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම පැවසීය.
ලක්ෂ හතලිස් තුනක් පමණ වන පාසල් දරුවන්ගෙන් දොළොස් ලක්ෂයක් මන්දපෝෂණයෙන් පෙළෙන බව සඳහන් කළ ඇමැතිවරයා සෙසු දරුවන්ට ලබාදීම සඳහා මුඛ ආවරණ තවත් ලක්ෂ ගණනක් අවශ්‍ය වන බවත් කීවේය.
ඇමැතිවරයා මේ බව සඳහන් කළේ පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ (14 වැනිදා) පැවැති වැඩසටහනේදීය.
කොවිඩ් වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා පාසල්වලට අවශ්‍ය පහසුකම් සපයා ගැනීම වෙනුවෙන් රුපියල් කෝටි එකසිය පනහක් වෙන්කර ඇතැයි ද පාසල් ආරම්භ කිරීමට පෙර අවම වශයෙන් උෂ්ණත්වමාන විසිදහසක්, ජලපහසුකම් ලබාගත හැකි බේසම් (සින්ක්) දස දහසක් සපයා ගැනීම අවශ්‍ය වන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.
නිලන්ත මදුරාවල
