News

ප්‍රවාහන සේවා කළමනාකරණ කාර්ය සාධක බලකායක්

කොවිඩ් 19 වසංගත තත්ත්වය මෙරට පාලනය වන තෙක් පොදු ප්‍රවාහණ සේවා පවත්වාගෙන යාමේ දී සියලුම පොදු ප්‍රවාහණ සේවාවන් මනාව සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම මෙහෙයවීම, නියාමනය හා බලාත්මක කිරීම යන කරුණු සඳහා ප්‍රවාහණ සේවා කළමනාකරන කාර්යය සාධක බලකායක්, ප්‍රවාහණ සේවා කළමනාකරන අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඊයේ සිට (14) පත් කරනු ලැබ තිබේ.

කොවිඩ් 19 වසංගත තත්ත්වය අවසන් වන තෙක් ජනතාවට ප්‍රවාහණ සේවාවන් සැලසීමේ දී කිසිදු හිරිහැරයක් හෝ බාධකයක් ඇති නොවන පරිදි ප්‍රවාහණ සේවාවන් පවත්වාගෙන යාමත්, සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් නිසි පරිදි ක්‍රියාත්මක කිරීම මගින් කොවිඩ් 19 පොදු ප්‍රවාහණය ඔස්සේ ව්‍යාප්ත වීම වැළැක්වීම මෙම කාර්ය සාධක බලකාය පත් කිරීමේ ප්‍රධාන අරමුණ බව අමාත්‍යවරයා එම බලකාය පත් කරමින් ප්‍රකාශ කළේය.

ප්‍රවාහණ සේවා කළමනාකරණ කාර්යය සාධක බලකායේ සභාපති ලෙස අමාත්‍යංශයේ ලේකම් ගාමිණී සෙනවිරත්න මහතා පත් කර ඇති අතර ලේකම් වශයෙන් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ජේ. ඒම්. තිලකරත්න බණ්ඩා මහතා කටයුතු කරයි.

සාමාජිකයින් 21 දෙනෙකුගෙන් සමන්විත මෙම බලකාය සඳහා බස් රථ සංගම්වල සභාපතිවරු, දුම්රියසාමාන්‍යාධිකාරි, ලංගම, ජාතික ගමනාගමන කොමිසම, යන ආයතනවල සභාපතිවරු ද, පළාත් මාර්ගස්ථ අධිකාරිවල සභාපතිවරු ද , සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පත් කරන නියෝජිතයෙක් ද ඇතුළත් වේ.

මහජනතාවට ප්‍රවාහණ සේවාවන් සැපයීමේ දි කිසියම් අපහසුතාවයක් වෙතොත් එම කාර්ය සාධක බලකායේ සභාපති – 011-2187233, අමාත්‍යාංශයේ දුරකථනය වන 011-2187200 හා ලේකම් , 0714410568 පැක්ස් අංක 011- 2865093 මගින් ද විමසීම් කළ හැකි වේ.