අරුවක්කාලු ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යන්න කැබිනට් අනුමැතිය
අතීතයේ මතු වූ පාරිසරික ගැටලු නොතකා අරුවක්කාලු අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ ප්‍රකාශ කරයි.
අගමැති මහින්ද රාජපක්ෂ කැබිනට් මණ්ඩලයට කරුණු දක්වමින් මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යෑමේ අවශ්‍යතාව පිළිබඳ අවධානය යොමු කර ඇත.
ඇමැති රමේෂ් පතිරණ පවසන්නේ මෙම ව්‍යාපෘතිය සඳහා ඇති කර ගත් ගිවිසුමට අනුව ව්‍යාපෘතිය අත්හිටුවුවහොත් රජයට නීතිමය ක්‍රියාමාර්ගවලට මුහුණ දීමට සිදු විය හැකි බවයි.
ඒ අනුව ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යෑමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.
ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමේ ගැටලුවට තිරසර සහ විද්‍යාත්මක විසඳුමක් ලෙස 2017 දී මීතොටමුල්ල කසළ කන්දේ ඛේදවාචකයෙන් පසුව අරුවක්කාලු අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී.
මෙම ව්‍යාපෘතියේ අපද්‍රව්‍ය රැස් කිරීම, ඒ සඳහා වූ ඉදිකිරීම් සීමාසහිත චයිනා හාබර් ඉංජිනියරින් සමාගමට සහ නිරිත දිග නාගරික ඉංජිනේරු සහ පර්යේෂණ ආයතනයට භාරදී ඇත.
නයන තරංග ගමගේ
