පයාගල මුහුදේදී බෝට්ටුවක් පෙරලී දෙදෙනෙකු ජීවිතක්ෂයට
පයාගල මුහුදේදී ධීවර බෝට්ටුවක් පෙරලීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පයාගල පොලීසිය සදහන් කළේ මග්ගොන තුඩාව වෙරළින් ධීවර කටයුතු සදහා ගොස් නැවත පැමිණෙමින් සිටි පුද්ගලයින් තිදෙනකුගෙන් යුත් බෝට්ටුවක් පෙරැළි යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
මෙම අනතුරින් තවත් එක් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
අනතුරෙන් මියගොස් ඇත්තේ මග්ගොන තුඩාව පාර පදිංචව සිටි ඇන්ටන් ප්රසන්න ප්රනාන්දු (53) හා මග්ගොන පැලවත්ත පදිංචි සිටි නිරෝශන් ජයසූරිය (43 ) දෙදෙනායි.
