වැඩිහිටියන් වැඩි වෙයි
කලාපයේ අනෙකුත් රටවල් හා සැසඳීමේදී මෙරට වැඩිහිටි ජනගහනය ඉහළ යමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවේ සඳහන් වේ.
එක්සත් ජාතීන්ගේ පුරෝකථනවලට අනුව 2015 වසරේ සිට 2060 දක්වා කාලය තුළ වැඩිහිටියන්ගේ යැපුම් අනුපාතය වේගයෙන් ඉහළ යන බවද තරුණයන්ගේ අනුපාතය පහත වැටෙනු ඇතැයිද එහි දැක්වේ.
2040 වර්ෂය මැද භාගය වන විටදී මෙරට ජනගහනය ඉහළ යනු ඇතැයිද 2050 වනවිට සමස්ත ජනගහනයෙන් වැඩිහිටියන්ගේ කොටස සියයට 25.7 දක්වා ඉහළ යනු ඇතැයිද අපේක්ෂා කෙරේ.
ජනගහනයේ තරුණ කොටස අඩු වීම නිසා ශ්‍රම බළකායේ සංකෝචනයක් වනු ඇත. සෞඛ්‍ය ආරක්ෂණය සහ වැඩිහිටි සත්කාරයත්, විශ්‍රාම ප්‍රතිලාභ වැඩි කිරීමට සිදුවීමත් නිසා අනාගතයේදී රාජ්‍ය මූල්‍ය කෙරෙහි සිදුවන බලපෑම් ඉහළ යනු ඇතැයිද මහ බැංකු වාර්තාව අනුව පැහැදිලි වේ.
අජිත් අලහකෝන්
