News

කොළඹ රථවාහන ගාල් කිරීමේ ගාස්තු අය කිරීම හෙට සිට යළි ඇරඹේ

කොළඹ නගරයේ රථවාහන ගාල් කිරීමේ ගාස්තු අය කිරීම යළි ආරම්භ කිරීමට කොළඹ මහ නගර සභාව තීරණය කර තිබේ.

ඒ අනුව හෙට (21) දිනයේ සිට අදාළ ගාස්තු අය කිරීම යළි ආරම්භ කරනු ඇති.

කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීමෙන් පසුව රට යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඇඳිරි නීති රෙගුලාසි ලිහිල් කිරීමත් සමඟ මෙම ක්‍රියාවලිය නැවත ආරම්භ වනු ඇත.

ඒ අනුව අය කරන මිල ගණන් පහතින් දැක්වෙයි.

මෝටර්කාර් – වෑන් – කැබ් = පැයකට රු. 50.00කි
මෝටර් සයිකල් = පැයකට රු. 20.00කි
ත්‍රිරෝද රථ = පැයකට රු. 20.00කි
බස් – ලොරි = පැයකට රු. 70.00කි
පාසල් වෑන් රථ = මසකට රු. 600.00කි
පාසල් බස් රථ = මසකට රු. 1000.00කි
කාර්යාල කාර්ය මණ්ඩල ප්‍රවාහන වෑන් රථ = මසකට රු. 1200.00කි
කාර්යාල කාර්ය මණ්ඩල ප්‍රවාහන බස් රථ = මසකට රු. 2000.00කි