කොටහේනේ පාසලක නිරෝධායනයේ සිටි සෙබළු පහකට ඩෙංගු
නිවාඩු අවසන් වී පැමිණ කොළඹ, කොටහේනේ පාසල්වල ස්වයං නිරෝධායනය වෙමින් සිටි හමුදා සෙබළුන් පස්දෙනකුට ඩෙංගු වැලඳී තිබේ. මෙම ඩෙංගු ආසාදිත සෙබළුන් ප්‍රතිකාර සඳහා නාරාහේන්පිට යුද හමුදා රෝහලට ඇතුළත් කර ඇත. මේ සමග පාසල් ආශ්රිත ඩෙංගු මර්දන ව්‍යාපෘති අරඹා ඇති අතර ආසාදිත සෙබළුන් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කිරීමටද නියමිතව ඇත.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා
