News

පස් හැවිරිදි පුතුට බියර් පෙවූ පියා අත්අඩංගුවට

අවුරදු පහක් වූ පුතුට බියර් පෙවූ තිරිසන් පියකු නාවලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

නාවලපිටිය කඩියන්ලන පදිංචිකරුවකු මෙසේ අත්අඩංගුවට පත්ව ඇති අතර ඔහු 30 හැවිරිදි දෙදරු පියෙකු වේ.

මොහු මිතුරන් හා මෙම දරුවා සමග මහවැලි ගඟ අසබඩට ගොස් මත්පැන් සාදායක් දමා එහිදී මෙම දරුවාටද බියර් පොවා තිබේ.

පියාගේ එම ක්‍රියාව තව අයෙක් ඔහුගේ ජංගම දුරකථනයෙන් වීඩියෝ කර ඇති අතර මත්පැන් පෙවීම නිසා මත්වූ දරුවා නැගිට ගැනීමට නොහැකිව ගල් තලාවක වැතිර සිටින දර්ශන එහි ඇතුළත් වී තිබේ.

මේ පිළිබඳව නාවලපිටිය පොලිසිය වෙත සැලවීමෙන් පසු පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හරේන්ද්‍ර කළුගම්පිටිය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු ඊයේ (21 වැනිදා) දි නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සුරංග දිල්හාන් -ගම්පොළ