News

ඇඳිරි නීතිය කඩ කළ තවත් 528දෙනෙකු අත්අඩංගුවට

අද උදෑසන 6.00න් අවසන් වූ පැය 24ක කාලය තුළදී ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගලයින් 528දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

එම කාලය තුළ පොලීසියට භාරයට වාහන සංඛ්‍යාව 150ක්.

මේ අතර මාර්තු මස 20 වන සිට උදෑසන 6.00 සිට මේ දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කර අත්අඩංගුවට පිරිස 61 621 ක් බව පොලීසිය පවසයි.

එම කාලය තුළදී වාහන 17,322ක් සිය භාරයට ගත් බව පොලීසිය සදහන් කළේය.

මාර්තු මස 18 වන දින සිට අද දක්වා වු කාලය තුළ 18496 ක් මේ සම්බන්ධයෙන් නඩු පවරා තිබේ.

එයින් නඩු පැවරීම්වලට අදාළ දඬුවම් නියම කිරීම් 6991 ක් ද සිදු කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.