News

පළමු වරට මත්තල ගුවන්තොටුපලින් කොරියාවේ රැකියා සඳහා පිටත් වෙයි

කොරෝනා වෛරසය වය්‍යාප්තියත් සමග තාවකාලිකව නතර කර තිබු විදේශ රැකියා සදහා පිටත්විම නැවත ආරම්භ කරමින් කොරියා රැකියාලාභීන් ප්‍රථම වරට මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලින් මියන්මාර් ගුවන් සේවයට අයත් MAI 8M801 ගුවන් යානයෙන් දකුණු කොරියාවේ සෝල් නුවර බලා පිටත්විම හෙට(26) රාත්‍රියේදි සිදුකිරීමට නියමිතයි.

මෙහිදි රැකියාලාභීන් 160 දෙනකු පිටත්විමට නියමිත අතර, මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලින් දකුණු කොරියාවේ සෝල් නුවර බලා පිටත්වන පළමු ගුවන් යානය මෙය වන බැවින් එය ඉතිහාසයට එක්වේ.

මේ අවස්ථාවට සභාපති-විදේශ සේවා නියුක්ති කාර්යාංශය කමල් රත්වත්තේ මහතා, නේවාසික අධ්‍යක්ෂ – කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය කිම් වොන් සොක් (Kim Won Seok) මහතා, සහභාගී වීමට නියමිතයි.