News

හෙට සිට සිකුරාදා දක්වා දුම්රිය 27ක් ධාවනයට

රටපුරා ඇඳරිනීතිය ලිහිල් කිරීමත් සමඟ හෙට (26 වැනිදා) සිට සිකුරාදා (29 වැනිදා) දක්වා දුම්රිය 27ක් ධාවනයට සැලසුම් කර ඇතැයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී. එස් පොල්වත්ත පවසයි.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය 10 ක් , මුහුදුබඩ මාර්ගයේ 09 ක් , කැලණිවැලි මාර්ගයේ 05 ක් , පුත්තලම් මාර්ගයේ 02 ක් සහ උතුරු මාර්ගයේ එක් දුම්රියක් පෙරවරුවේ කොළඹ කොටුව සහ මරදාන දක්වා පැමිණීමට නියමිතය. මීට අමතරව නගරාන්තර සීග්‍රගාමී දුම්රිය දෙකක්ද ධාවනය කිරීමට නියමිතය.

මේ සතිය සඳහා දුම්රියේ ගමන් කිරීමට රාජ්‍ය සේවකයන් දාසයදාස් හයසියයකට අධික සංඛ්‍යාවක් අයදුම්කර ඇති බවත් හිස්ව ඇති ඉතිරි ආසන සඳහා කාර්යාල හැඳුනුම් පත ඉදිරිපත් කිරීමෙන් යම් සේවකයකුට ගමන් කළ හැකි බවත් ඔහු මෙහිදී කීය.

පෙර සඳහන් කළ දුම්රියන් නැවතත් පස්වරුවේ කොළඹ කොටුවේ සහ මරදානේ සිට අදාළ ගමනාන්ත දක්වා ධාවනය කරවීමටද නියමිතය.

ශිරන්තනි මානවඩු