පුහුණුව ආරම්භ කළ වෛද්‍යවරුන් 1805කට පත්වීම් නෑ
2018 වර්ෂයේ ජුනි මාසයේ සිට සීමාවාසික පුහුණුව අවසන් කර ඇති වෛද්‍යවරුන් 1805කට පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබා නොදීම හේතුවෙන් ඔවුන්ට වැඩිදුර අධ්‍යාපන කටයුතු ප්‍රමාද වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
2018 ජුනි මස 09 වැනි දින සීමාවාසික පුහුණුව අවසන් කළ 391ක්, 2018 දෙසැම්බර් 01 වැනි දින පුහුණුව අවසන් කළ 886ක් සහ 2019 ජුනි මස 16 වැනි දින පුහුණුව අවසන් කළ 528ක් මෙලෙස පත්වීම් නොලබා රෝහල්වල සේවය කරති.
එම වෛද්‍යවරුන් ප්‍රකාශ කරන්නේ පත්වීම් නොලැබීම නිසා පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීමට ඇති අවස්ථාවද ප්‍රමාද වන බවයි.
මෙම වෛද්‍යවරුන් මාසිකව රුපියල් ලක්ෂ දෙකකට ආසන්න වැටුප් ලබමින් ස්ථිර සේවාවක් නොමැතිව විවිධ රෝහල්වල සිටින බවද වාර්තා වෙයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය නොලැබීම නිසා මෙම තත්ත්වය උදාවී ඇති බවයි.
කෙසේ වෙතත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලැබී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් අමල් හර්ෂද සිල්වා පවසයි දුෂ්කර රෝහල් හඳුනාගෙන ඇති අතර එම රෝහල්වලටද අනුයුක්ත කරමින් කඩිනමින් පත්වීම් ලබා දෙන බව ඔහු අවධාරණය කර සිටියේය.
උදයජීව ඒකනායක
