News

සහල් පාලන මිල අහෝසි කරන කතාව බොරු-පාරිභෝගික අධිකාරිය කියයි

‘‘සහල් පාලන මිල ඇතුළත් ගැසට් නිවේදනය අහෝසි කරන බවට වී මෝල් හිමියන් අසත්‍ය ප්‍රචාර පතුරුවමින් සිටින්නේ යැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

එහෙත් පාලන මිල සහිත ගැසට් නිවේදනය අහෝසි කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව අධිකාරියේ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර පවසයි. වී මෝල් හිමියන්ගේ අසත්‍ය ප්‍රචාරවලට නොරැවටී පාලන මිලටම සහල් අලෙවි කරන ලෙස ඔහු වෙළෙඳ ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

වී සහ සහල් තොග සඟවා ගෙන සිටින වෙළෙඳුන් සොයා අඛණ්ඩව වැටලීම් සිදු කරන බවද ඔහු අවධාරණය කර සිටියේය. එවැනි වැටලීම් 700කට අධික සංඛ්‍යාවක් මේ වන විට සිදු කර ඇත. එම වෙළෙඳුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව අධ්‍යක්ෂවරයා පවසයි.

 

උදයජීව ඒකනායක