වැලිසර කඳවුර හිස්කර අලුතෙන් පුරවයි
වැලිසර පිහිටි නාවික හමුදා කඳවුරේ සිටි හාරදහසක පමණ වූ නිලධාරීන් හා සෙසු නිලයන් සියලුදෙනාම ඊයේ (26 වැනිදා) වන විට ත්‍රිවිධ හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇත.
නාවික හමුදාවෙන් කොවිඩ් ආසාදිතයන් දිගින් දිගටම වාර්තා වීමත් සමග එහි සිටි සියලුදෙනා මෙසේ මෙම සතිය වන විට නිරෝධායනයට යවා ඇති අතර වැලිසර නාවික රෝහලේ කොවිඩ් වැලඳී ප්‍රතිකාර ලබමින් සිටි හැට එක් දෙනෙක් පමණක් රෝහලේ ප්‍රතිකාර සඳහා රඳවාගෙන ඇත.
සෙසු සියලුදෙනා ඉවත් කළ පසු වැලිසර පිහිටි මහසෙන්, ගැමුණු, තක්ෂිලා, කඳවුරු සම්පූර්ණ විෂබීජහරණය කර අලුතින් වෙනත් කඳවුරුවල සිටි නාවිකයන් රාජකාරි සඳහා කැඳවූ බව නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර පැවැසීය.
නිවාඩු ගොස් නැවත කැඳවූ අටදහසක පමණ පිරිස කඳවුරුවලට නොයවා තාවකාලික කඳවුරුවල ස්වයං නිරෝධායනය කර පී.සී.ආර්. පරීක්ෂණවලින් පසුව කඳවුරුවලට යළි ගෙන්වීමටද පියවර ගෙන ඇත.
