News

ඇමෙරිකාවේ කොරෝනා මරණ ලක්ෂය ඉක්මවයි

කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් ඇමෙරිකාව තුළ මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 100,572ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එරටින් මේ වන විට වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,725,275ක්.

කොරෝනා වෛරසය ආසාදනය වූ 479,969ක් ඇමෙරිකාව තුළ සුවය ලබා තිබේ.

ඇමෙරිකාවට පසුව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් බ්‍රසීලයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 394,507ක්.

එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 24,593ක්.

රුසියාවෙන් ආසාදිතයින් 362,342ක්, ස්පාඤ්ඤයෙන් ආසාදිතයින් 283,339ක්, බ්‍රිතාන්‍යයෙන් ආසාදිතයින් 265,227ක්, ඉතාලියෙන් ආසාදිතයින් 230,555ක්, ප්‍රංශයෙන් ආසාදිතයින් 182,722ක්, ජර්මනියෙන් ආසාදිතයින් 181,288ක්, තුර්කියෙන් ආසාදිතයින් 158,762ක්, ඉන්දියාවෙන් ආසාදිතයින් 151,876ක්, ඉරානයෙන් ආසාදිතයින් 139,511ක් සහ පේරු රාජ්‍යයෙන් ආසාදිතයින් 129,751ක් වාර්තා වේ.

ඇමෙරිකාවට පසුව වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ බ්‍රිතාන්‍යයෙන් වන අතර, එම සංඛ්‍යාව 37,048ක්.

ඊට අමතරව ඉතාලියෙන් මරණ 32,955ක්, ප්‍රංශයෙන් මරණ 28,530ක් සහ ස්පාඤ්ඤයෙන් මරණ 27,117ක් වාර්තා වේ.