News

රාජිතට කොරෝනා දැයි බලන්න අද පී.සී.ආර්. පරීක්ෂණයක්

රිමාන්ඩ් භාරයේ සිටින හිටපු ඇමැති රාජිත සේනාරත්නට කොරෝනා වයිරසය ආසාදනය වී ඇත්දැයි සොයා බැලීම සඳහා සැකකරු අද (27) පී.සී.ආර්. පරීක්ෂණයක් සඳහා යොමු කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවැසීය.

2019 ජනාධිපතිවරණ සමයේ දී පැවැත්වූ මාධ්‍ය හමුවක දී සුදු වෑන්වලින් පුද්ගලයන් පැහැරගැනීමක් සිදු වූ බවට පදනම් විරහිත කරුණු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කළ රාජිත සේනාරත්න මීගමුව පල්ලන්චේන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ රඳවා සිටියි.

එම මධ්‍යස්ථානයේ රාජිත සේනාරත්න මහතා රඳවනු ලැබූවේ ඉකුත් 13 වැනිදාය. ඒ අනුව ඔහු එම මධ්‍යස්ථානයේ රඳවා සිටින කාලය අදට (27) දින 14කි. එහෙයින් සැකකරුට කොරෝනා ආසාදනය වී ඇත්දැයි බැලීමට පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතය.

ඉෂාර රත්නකාර