News

දිස්ත්‍රික්ක 7කට නායයෑමේ අවදානමක්

පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 7කට නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය සදහන් කළේ රත්නපුර, කෑගල්ල, මහනුවර, නුවරඑළිය, ගාල්ල, කළුතර සහ මාතර යන දිස්ත්‍රික්ක සදහා හෙට (28) පෙරවරු 8.00 දක්වා ක්‍රියාත්මක වන පරිදි මෙම අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බවයි.

එම ප්‍රදේශයන්හි කඳු හා බෑවුම් ආශ්‍රිතව ජීවත්වන්නන් මේ සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවන ලෙස ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කරයි.