මාර්ගගත ක්‍රමය මඟින් විශ්වවිද්‍යාල අයදුම්පත් කැඳවීම ජුනි මස 2වැනිදා අවසන්
2019/2020 අධ්‍යයන වර්ෂයේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා මාර්ගගත ක්‍රමය මඟින් අයදුම්පත් කැඳවීම 2020 ජුනි මස 2වැනිදා අවසන් කිරීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ.
මීට පෙර අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය 2020 මාර්තු මස 26 වනදා සිට අප්‍රේල් මස 9වනදා තෙක් දිර්ඝ කිරීමට එම තීරණය කළේ රට තුළ පවතින කෝවිඩ්-19 වසංගත තත්ත්වය හේතුව නිසාවෙනි.
කෙසේ වෙතත් නැවතත් එය පාසල් යළි ආරම්භ කර සති දෙකක් යන තෙක් ලෙස වැඩිදුරටත් දිර්ඝ කිරීමටත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කළද, රටේ පවතින තත්ත්වය යහපත් අතට හැරෙමින් පැවතීම හේතුවෙන් අයැදුම්පත් කැඳවීම ජූනි 2 වැනිදා අවසන් කිරීමට තීරණය කළේය.
