පළාත් කිහිපයකට අද මි.මී. 150ට වැඩි තද වැසි
නිරිත දිග මෝසම් තත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සදහන් කළේ දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් තවදුරටත් බලාපොරොත්තු වන බවයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල සමහර ස්ථානවලමි.මී.150 ට වැඩි වර්ෂාපතනයන් ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේය.
නැගෙනහිර සහ ඌව පළාත්වලත්, පොලොන්නරුව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40 දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.
