මෝසම් වැසි සමයේ නාවික හමුදාවෙන් මුදා ගැනීමේ කණ්ඩායම් 22ක්
නිරිතදිග මෝසම් වැසි ඇදහැලීමත් සමග ආපදාවට ලක්විය හැකි ප්‍රදේශවලට යැවීමට නාවික හමුදාවේ මුදාගැනීමේ කණ්ඩායම් විසි දෙකක් සූදානම් කර ඇතැයි නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ‘අරුණ’ ට පැවසීය.
ඊයේ (27) සිට ඉදිරි මෝසම් වැසි තත්ත්වය හා ආපදාවට ලක්විය හැකි ප්‍රදේශ පිළිබඳව නිරීක්ෂණය කිරීමේ නාවික මෙහෙයුමක්ද ඇරඹී ඇත.
මෙම ආපදාවන්ට ලක්වන ප්‍රදේශවල මෙහෙයුම් සඳහා කොළඹ නාවික කඳවුරුවලින් කිසිවකුත් නොයවා පිට පළාත්වල නාවික කඳවුරුවල සිටි නාවික කණ්ඩායම් සූදානම් කිරීමටද පියවර ගෙන ඇත.
අම්ෆන් සුළි කුණාටුවත් සමග ඇතිවූ වර්ෂා තත්ත්වයේදී ආපදාවට ලක්වූ රත්නපුර, ගාල්ල, මාතර ප්රදේශවලටද මෙම කණ්ඩායම් යොදවා තිබිණි.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා
