News

ඉන්දියානුවන් 160 ක් රැගෙන යන්න ලංකාවට හෙට විශේෂ ගුවන් යානයක්

කොවිඩ් වයිරසය ව්‍යාප්තිය හමුවේ ශ්‍රී ලංකාවේ සිරවී සිටින ඉන්දියානු ජාතිකයන් අතුරින් 160 දෙනකු හෙට (29 වැනිදා) දිනයේ විශේෂ ගුවන් යානයකින් මුම්බායි බලා රැගෙන යාමට නියමිතය.

ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භග්විල් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ඉන්දියාව විසින් ක්‍රියාත්මක කර ඇති ඉන්දියානුවන් සියරට ගෙන්වා ගැනීමේ ‘වන්දේ භාරත්’ මෙහෙයුම යටතේ ඔවුන් රැගෙන යන බවයි.

මේ සඳහා සහයෝගය ලබා දීම පිළිබඳ අපි ශ්‍රී ලංකා රජයට කෘතඥතාව පළකරනවා’ යැයි පවසන මහ කොමසාරිස්වරයා ඉන්දියානුවන් රැගෙන යාමේ දෙවැනි අදියර ජුනි 01 වැනිදා ක්‍රියාත්මක කරන බවද සඳහන් කරයි.

ඒ අනුව ජුනි 01 වැනිදා (සඳුදා) ඉන්දීය නාවික හමුදාවට අයත් ‘විලාෂ්වා’ නෞකාව මගින් කොළඹ තවත් ඉන්දියානුවන් 700 ක් ඉන්දියාවට රැගෙන යන බවද මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.