සරසවි ප්‍රවේශ අයැදුම්පත් කැඳවන අවසන් දිනය ජුනි 02
විශ්වවිද්‍යාල නව අධ්‍යයන වර්ෂය (2019/2020) සඳහා මාර්ගගත (Online) ක්‍රමයට අයැදුම්පත් කැඳවීමේ අවසන් දිනය ජුනි මස දෙවැනිදා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කරයි.
මාර්තු මස 26 වැනිදායින් අවසන් වීමට නියමිත වූ අයැදුම්පත් කැඳවීමේ දිනය කොවිඩ් වසංගත තත්ත්වය මත අප්‍රේල් මස 09 වැනිදා දක්වා දීර්ඝ කිරීමට කොමිෂන් සභාව පියවර ගත් අතර ඉන්පසු පාසල් ආරම්භ කර සති දෙකක් යන තෙක් අයැදුම් කළ හැකි බවට ද නිවේදනය කළේ ය.
එහෙත් රටේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින හෙයින් අයැදුම්පත් කැඳවීම ජුනි මස දෙවැනිදායින් අවසන් කිරීමට තීරණය කළ බවද එම නිවේදනයේ දැක්වේ.
