ඡන්ද පත්‍රිකා මුද්‍රණයට සුදානම් වෙන්න මැකෝ සභාව මුද්‍රණ දෙපාර්තමේන්තුවට දන්වයි
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට අදාල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරිමේ කටයුතු සුදානම් කර ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිඛේ.
පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා ඡන්ද දායකයින් 116900000 ක් සුදුසුකම් ලබා සිටිති.
ඉදිරි දින දෙක තුන තුලදී ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරිම ඇරඹිමට නියමිත බව ද පැවසේ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලැබීමෙන් පසුව මෙම කටයුතු අරඹන බව ද මුද්‍රණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කොරෝනා වෛරස තත්වය පෙරදී ඡන්ද පත්‍රිකා මුද්‍රණයට එක් අංශයක් යෙද වුවත් මෙවර ඒ සඳහා අංශ කිහිපයක් යොදා ගැනිමට නියමිතය.
ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු සඳහා දින 15 ත් 20 ත් අතර කාලයක් ගතවන ඇතැයි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පවසයි.
උදයජීව ඒකනායක –
සාලිය කුමාර ගුණසේකර
