News

කොළඹ ප්‍රදේශ රැසකට අද ජල සැපයුම අත්හිටුවයි

අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට මාලිකාකන්ද දක්වා ජලය සැපයෙන් ප්‍රධාන නල මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (30) ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය සදහන් කළේ අද උදෑසන 9 සිට 31 වන ඉරිදා දින අලුයම 3 දක්වා පැය 18 ජල කප්පාදුවක් කොළඹ 02, 03, 07, , 08, 09, සහ 10 යන ප්‍රදේශවල සිදුකෙරෙන බවයි.

‍මීට අමතරව කොළඹ 1 යන ප්‍රදේශයට අඩුපීඩන තත්ත්වයක් යටතේ ජලය සපයන බවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.