News

නව යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානීවරයෙක් පත් වෙයි

මේජර් ජෙනරාල් සරත් ගුණවර්ධන 55 වන යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී වශයෙන් වැඩ භාරගෙන ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ සඳහන් කළේය.

මේජර් ජෙනරාල් සරත් ගුණවර්ධන මීට පෙර යුධ හමුදාවේ ස්වේච්ඡා සේනා විධායකවරයා ලෙස කටයුතු කර ඇත.