සිංගප්පූරුවේ සිට ශ්‍රී ලාංකිකයින් 291ක් මෙරටට රැගෙන එයි
කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිංගප්පූරුවේ රැදී සිටි ලාංකිකයන් 291ක් රැගත් ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
ගුවන් තොටුපළ අප වාර්තාකරු සදහන් කළේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 303 දරණ විශේෂ ගුවන් යානයෙන් මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි.
මෙලෙස පැමිණි පිරිස ගුවන් තොටුපලේදීම පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කිරීමට නියමිතයි.
